ලක් කතගෙන් මලයාසියාවේ දී කප්පම් කන්න හදලා


ශ්‍රී ලාංකික කාන්තාවක මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේදී කප්පම් ලබාගැනිමේ අරමුණින් පැහැර ගැනිමෙන් දින තුනකට පසු එරට පොලිසිය විසින් බේරාගනු ලැබීය. පොලිස් නිලධාරී අබ්දුල් රහීම් අබ්දුල්ලා පවසන අන්දමට විසි හැවිරිදි ලක්කත තම මලයාසියා නෑයෙකු සමඟ සංචාරක නියොජිතයෙකු ලෙස (බොරුවට පෙනිසිටි)  මුණගැසිමට  බටුකවේස් ප්‍රදේශයට පැමිණ ඇත. ඊට පෙර දින මෙම බොරු නියෝජිතයා ලක්කතට ඉගෙනිමට උදව්කර බව පවසා  එසේ කිරීමට නම් ලියාපදිංචි වීමට අවශ්‍ය බව දන්වා ඇත.
බොරු නියෝජිතයා හමුවිමට පැමිණිවිටදි තවත් දෙදෙනෙකු පැමිණ කාන්තාවගේ නෑදෑයනට පහරදී ල ඇය වාහනයකට දමාගෙන පලාගොස් ඇතගපසුව කාන්තාවගේ දුරකථනයෙන් කථාකොට කාන්තාව නිදහස්කිරිමට නම් මලයාසියා. රු 8500 (ලංකා රුග340000) කප්පම්  ඉල්ලා ඇත.  අනතුරුව බදාදා දහවල් එක පමණ වන විට කාන්තාව රඳවාගෙන සිටින ස්ථානය සොයාගැනීමට පොලිසිය සමත්විය. පොලිසිය එනු දුටු එක් සොරෙකු දොරට අගුල දැමුවත් දොර බිම දමා  ලාංකික කාන්තාවව බේරාගෙන ඇත. එහිදී පැහැරගැනිමට සම්බන්ධ ඉන්දියා සහ ලාංකිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. තෙවැන්නා  තිස්තුන් හැවිරිදි ලාංකිකයෙකි.  ඔහු පැය තුනකට පසු ශ්‍රීගොටංග් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.